යහපත් සමාජයක් උදෙසාවන අපගේ සිහිනය සමාජ සගයන් සමග බෙදා හදා ගැනීම

Feb 24, 2010

විපක්සෙ උන්නැහේලට වෙලා තියෙන වින්නැහියක්

අම්මප මේ විපක්සෙ උන්නැහේලට වෙලා තියෙන වින්නැහියක හැටි. කට ඇරියොත් කියවෙන්නෙම ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය,මානව අයිතිවාසිකම්,ජනමාධ්‍ය නිදහස වගේ කතාමනෙවැ. මේව්වා සේරම සුද්දන්ගෙ කුමන්ත්‍රන කියල විමල් වීරවංශ උන්නැහේ කියන්නෙ නිකමට හෙම නෙවෙයි ඔන්න.
දැන් බලනන ළමයො අපේ ඔය අතීත රජවරැ දැහැමෙන් සෙමෙන් රජකම් කොරන කාලවල ඔය ප්‍රජාතන්ත්රරවාදය කියල එකක් තිවුනද? නැහැ නොවැ. ඔය පර සුද්දො මේ රට අල්ලගෙන බෝධිසත්වයෙක් වගේ හිටිය අපේ රජ පවුලත් රටෙන් පිටුහල් කොරල දාල මේ රට විනාශකොරන්න නොවැ ඔය ප්‍රජාතන්ත්රරවාදය කියල අටමගලක් ඇටෙව්වෙ. යන්තම්අවුරැදු 200 විතර පස්සෙ සිංහල බෞද්ධ රජ පරපුරක් රටේ නැවත ඇතිකොරන්න හදන එකට විරැද්ධව මේ විදේශීය කූමන්ත්රතන කාරයො බොරැවට කෑ ගහනව නොවැ. ( වත්මන් මහරාජෝත්තමයාද සිංහල රාජවංශයෙන් පැ‍වතඑන්නෙකු බව චක්රවවර්තී හිමියන් සොයාගෙන ඇත.අවසන් රජතුමා දකුනේ වීථිසංචාරය කරන අතරතුර බෙලිඅත්තේ රැයක් ගතකර ඇතිවග වැසිකිලි වලක කොටා තිබී චකුවර්ථී හිමියන්ට හමුව ඇත)
එතකොට ඔය යහ පාලනය, මානව අයිතිවාසිකම් වගේ දේවල් ඒ කාලෙ තිබුනද? නැහැ නෙවැ. රටේ ජීවී ,අජීවී හැම දෙයක්ම රජතුමාගෙ තමයි.එතුමට ඕන හැටියට රටේ දේවල් භුක්තිවිඳිනකොට කෑ ගහනව වංචා දූෂන කොරනවයි කියල. ඒ වගේම ජනතාව කියන්නෙ රජතුවාට ඕනහැටියට ජීවත් වෙන්න ඕන පිරිසක්. කසපහර දෙන්න, දඬුක‍ෙඳ් ගහන්න විතරක් නෙවේ හිර අඩස්සියෙ තියන්න,අතුරැදහන් කොරන්න හිස්ගසාදාන්න උනත් රජතුමාට පුළුවන් බව මුන්ට තේරෙන්නෙ නැහැ නොවැ.
ඔය ජනමාධ්යා තමයි මේරටට සුද්දො කල ලොකුම විනාසෙ. අපේ රජකාලෙ ඕවගෙ දේවල් කවදාවත් තිබුනද? නැහැ නොවැ. ඔය අණබෙරයක් කාරිය ගහල රජතුමාගෙ පනිවුඩක් ජනතාවට දැන්නු මිසක් ඔය ඕන ඕන එකාට ඕන ඕන දේවල් ජනතාවට කියන්න පුහ් මොන තරම් විනාසයක්යැ.ඔය කුමන්ත්රනන කාරයොනම් එකෙක්වත් තියන්නම වට්න්නෙ නැහැ රටේ මිනිස්සුනුගෙ හිත් දූෂනය කොරනවට.
අපේ නලින්ද සිල්ව මහාචාර්ය උන්නැහේටනන් මේගැන හොඳට තේරෙනව. ඔය සුද්දන්ගෙ යුදෙව් ක්‍රිස්තියානි චින්තනේ තියෙන එකාලටලු නේ ඔය ප්‍රජාතන්ත්ර වාදය, යහපාලනය වගේ දේශදෝහී දේවල් හිතෙන්නෙ.
හැබැයි අප්පුහාමිනන් කියන්නෙ ඔය ඡන්ද කෙරැවාවත් සම්පූර්නෙන්ම නවත්තල දාන්න ඕන.ඕවත් ඔය සුද්දන්ගෙ කුමන්ත්ර නම තමයි.
අපටනන් ඔය රජතුමාට බැලෙමෙහෙවරක්වත් කොරගෙන් ඉන්ට බැරියැ

Feb 21, 2010

මහනායක උන්නාන්සෙලාගෙ නා ගැනීම

අපේ මහ නායක උන්නාන්සෙලත් අන්තිමේදි ඇදගෙනම නාගත්ත නොවැ.
මල් වට්ටි,අටපිරිකර කරගහගෙන පන්සලක් පන්සලක් ගානෙ කරක්ගහනකොට,පස්ස උඩ තියාගෙන හාමුදුරැවරැන්ට වැඳවැටෙනකොට , පිරිත් පිංකම්, දාන පිංකම් මදි නොකියන්න දෙනකොට උන්නාන්සෙලත් හිතන්න ඇති මෛත්‍රි බෝධිසත්වයො පහලවෙලා කියල .ඒකනෙවැ හාමුදුරැවරැත් බැහැගෙන වැඩකොරල, පාර්ලිමේන්තුවටත් වැඩමකොරල , ප්‍රභාකරන් කාබාසිනිය කොරල, විදේස බලවේග සුන්නත්දූලි ෙෙරල ‍දෙමල මිනිස්සු නන්නත්තාර කොරල,සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කොරල මහ රජ කෙනෙකුත් අභිෂේක කොරගත්තෙ. අන්තිමේ මේ රජ්ජුරැවොම කෙලිය නේද මහම මහ නායක උන්නාන්සෙලටත්.
දියෙහි යන දන්ඩට
පිහිටක් වෙතත් පෙරසිට
දුදනන් හට පිහිට
නොවව් කී බස සැබෑ උනි මට
මෙහෙම කියල තිබුනෙ මහ නායක උන්නාන්සෙලද රාහුල හාමුදුරැවොද කියලනම් ලොකු අප්පුහාමිට මතක නෑ. හැබැයි දුදනො දුදනන්ට පිහිට උනාට කමක් නැහැ ‍වෙන්න ඕන.
අනික ඕක මහ ලොකුවට ගනන් ගන්න දේකුත් නැහැ නොවැ.දැන් ඔය මහ නායක උන්නාන්සෙල කියන දේ තියා බුදුහාමුදුරැවො කියනදේවත් මහනායක උන්නාන්සෙල,පොඩිනායක උන්නාන්සෙල තියා සාමනේර උන්නාන්සෙ කෙනෙක්වත් අහන එකක්යැ.
ඔය මං වගේ වල පයයි ගොඩපයයි ඉන්න අයට අපාය පෙන්නල දිව්යාලෝකෙට ෂේප් එකක් දාල දීල,මේ මජර ක්‍රමයෙන් අසහනයට පීඩාවට පත්වෙන අයට කරැමෙ ‍දෛවය වගේ දේවල් මතක්කොරල නිර්වින්දනයක් දීල පීඩකයට තවතවත් වස්තු සම්පත් ගොඩගහගන්න ඉඩ හදල දීල ඔබ වහන්සෙලත් හෝටල් වගේ පන්සල් හදාගෙන බෙනස් එකකින් සංසාරෙන් එගොඩ වෙන්න හදනව මිසක් ඔය ප්‍රජාතන්ත්රටවාදය, යහපාලනය වගේ ලොකුලොකු වැඩ කොරන්න ගිහිල්ල ඔබ වහන්සෙල ආවඩන පාලකයොන්ගෙ උදහසට ලක්වෙන එක සංසාරෙටත්වඩා භයානක බව දැන්වත් ඔබ වහන්සෙලට තේරෙනවද මන්ද?

Feb 18, 2010

ජනරාල් උන්නැහේගෙ කෙරැවාවයි ට්‍රපික් රාලහාමිගෙ කෙරැවාවයි

අර ජනරාල් ලොක්කගෙයි එයැයිගෙ බෑනයි කොරයි කියන වංචා දූෂන මගෝඩි වැඩ ගැන අහනකොට මේ වල පයයිඩ පයයි ඉන්න අප්පුහාමිගෙත් ඇ‍ි කො ෙඟ්ත් හිරිගඩු පිපෙනව අම්මප.බලන් යනකොට අපේ රටේ ජනතාව මොන තරන් අමාරැවකටයැ වැටෙන්න ගියේ. අපේ මුනපුරානම් කියන්නෙ ප්රපභාකරන් කියන නැඩය හරිම අහිංසකයෙක්ලු, ජනරාල් උන්නැහේ එක්ක බලනකොට.
හැබෑටම අපේ මහරාජෝත්තමයයි උන්නැහේගෙ වරිගෙ අයයි මේ ගැන හාංකවිසයක්වත් දැනගෙන ඉඳල නැහැ නොවැ ජනරාල්උන්නැහේ මේ ජන්දෙට ඉදිරිපත් වෙනකම්ම. එකට කාල බීල ඉන්නකම්ම මේ උත්තමයො හිතන් ඉඳල තියෙන්නෙම ජනරාල් උන්නැහේ ලෝකෙ හොඳම යුධ සෙන්පතියාය, වංචා දූෂන නැති සුද්ධවන්තයෙක්ය කියල නොවැ. ඒ උනාට අපේ මුනපුරානම් කියන්නෙ උන් එක්ක එකට මඩනාගෙන ඉන්න බැරිය කියල එලියට බැහැපු එකාගෙ ඇගේ ඔච්චර මඩ තියෙනවනන් මඩේ ඉන්න එකාලගෙ ඇගේ කොච්චර මඩ ඇද්ද කියලයි. ඔවිව ඉතිං ඔය කොල්ලො ‍කොලු කමට කියන කථා නොවැ.
හැබැයි අර වංචා දූෂන කොමිසමද මොකද්ද අට මගලෙට අට්ටි ගනන් පැමිනිලි ලැබිල තිබිලත් නිලධාරියෙක්වත් පත් නොකරන අංඩුව මේ හදිස්සියෙ ජනරාල්ගෙ වංචා දූෂන ගැන විතරක් හොයන්න තියාගත්තෙ මොකද කියල කවුරැවත් වැරදියට හිතන්න එපා ඔන්න.
අපේ මුනපුරා එක්ක තරහ ට්‍රපික් රාලහාමි කෙනෙක් ඉන්නව ගමේ. මුනපුරා බයිසිකලෙන් කොහේ හරි යනව දැක්කොත් නවත්තනවලු. ලයිසන් ඉන්ෂුවරන්ස් තිබුනොත් එහෙම කියනවලු හෙල්මටි නැහැයි කියල. හෙල්මට් දාගෙන ගියොත් කියනවලු සිග්නල් ලයිට් වැඩකොරන්නෙ නෑ කියල. එෟකත් හදාගෙන ගියාම කියනවලු ටයර්වල කට්ට ගෙවිල කියල. ටයරැත් දාගෙන ගියාම අල්ල ගන්නවලු වැරදි තැනින් හැරෙව්ව තියල.හරිතැනින් හැරෙව්වහම අල්ලගන්නවලු වැරදියට ඉස්සර කරා කියල. අපේ මුනපුරා කියන්නෙ මේ යකත් එක්ක නීතියෙන්නම් මේක බේර ගන්න බැරිලු. වෙන ‍වෙනමාක්ක් හරි මාර්ගයකින් මිසක්.
ඌ කියන කථාවත් ඇත්ත.බලය තියෙන උන්ට තමන්ගෙ විරැද්ද වාදීන්ට අඩන්තේට්ටන් කොරන්න මේ රටේ ඕන තරන් නීති තියෙනව නොවැ.අර පාදඩ ආඥා පනතද මොක්ද්ද එක අනුව බවලතෙක් යට ඇඳුමක් ඇඳගෙන හිටියෙ නැහැ කියල උනත් අලලල අච්චු කොරන්න පුලුවනෑ කියන්නෙ.අපි ඉතින් කොචිචර අවවාද අනුසාසනා දුන්නත් ඔය කොල්ලගෙ ඉවසීම පැන්න දවසක හැංගිලා ඉඳල ට්‍රපික් රාලහාමිට පොලුපාරක් පතබායිද කියලයි මට තියෙන බය. මේ කොල්ලන්ටත් ඉවසීමක් නැහැ නොවැ.

Feb 16, 2010

ඔන්න මේ දේශපාලනේ ගැනනන් නෙවේ කොල්ලො

අපේ කොල්ලන්ට දේශපාලනේ වහ කදුරැවගේ වෙලානෙවැ. ඒ ගැන කතාකරන එවුන් ටිකත් පැත්තකට කරල SBU එක පිරිසිදු කොරගෙන තියෙන්නෙ .
එක අතකට ඒකත් ශරීර සෞඛ්‍යයට හොද වෙන්න පුලුවන්. මොකද මහින්ද මහ රජ්ජුරැවොත් දේශපාලනය කථාකරන එවුනු ටික හිරේ විලංගුවටයි, පරලෝකෙටයි යවල මේ සිංහල බෞද්ධ රාජ්‍ය පිරිසිදු ‍කොරන්න මහන්සි ගන්න වෙලාවනේ.

හැබැයි කොලුවො මතක තියාගත්තොත් හොදයි උඹල මේ ලොකෙට බිහිකරනවද නැද්ද කියන තීරනය වෙන්නෙත් දේශපාලනය කියන සාධකය මත කියන එක.(චීනයේ පවුලට එක් දරැවකු යන්න සෘජු දේශපාලන තීන්දුවකි)ඒ දරැව බොන්න ඹ්න ඇන්කර්ද නැ;්නම් ලක්ස්ප්‍රේද කන්නඹ්න ඇමරිකන් පිටිද, සිංහල හාලෙ බත්ද , ඉගෙනගන්න ඹ්න මොනවද,කරන්න ඕන රස්සාව විතරක් නෙවේ ආදරය කරන්න ඕන මොන ගැහැනියටද පිරිමි‍යටද කියල තීරනය කරන්නෙත් දේශපාලනයෙන් කියන එක උඹල දැනගන්න ඹ්න දරැවො.

අනික කොලුවො දෙශපාලනය කියනකොට ඇගේ හිරිගඩු පිපෙන උඹල වගේ එවුන් නිසාම තමයි අද මේ රට මේ වගේ පත්වෙලා තියෙන්නෙ කියල උඹලට නොතේරෙන්නේ උඹල දේශපාලනේ ගැන නොදන්න නිසාම තමයි.එහෙම උනාම ලූලා නැති වවලට කනය පන්ඩිතය වෙන්න වගේ නාමල් කොලුව වගේ අය මේකෙ කරනන් ගහන්න හදන එක ගැනත් අපට පුදුම වෙන්න දේකුත් නෑ.

කොහොම උනත් කොල්ලො හොදට කාල බීල ගෙයක් දොරක් හදාගෙන මේ රටේ හරි පිටරටක හරි ඉදගෙන නිකන් පාලුවට බ්ලොග් එකක් ලියන කියවන අයට දේශපාලනය කියන්නෙ පිහදාල දාන්න ඕන දෙයක් කියල හිතන එකත් අපට නන් දේශපාලනයම තමයි කොල්ලො.