යහපත් සමාජයක් උදෙසාවන අපගේ සිහිනය සමාජ සගයන් සමග බෙදා හදා ගැනීම

Feb 24, 2010

විපක්සෙ උන්නැහේලට වෙලා තියෙන වින්නැහියක්

අම්මප මේ විපක්සෙ උන්නැහේලට වෙලා තියෙන වින්නැහියක හැටි. කට ඇරියොත් කියවෙන්නෙම ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය,මානව අයිතිවාසිකම්,ජනමාධ්‍ය නිදහස වගේ කතාමනෙවැ. මේව්වා සේරම සුද්දන්ගෙ කුමන්ත්‍රන කියල විමල් වීරවංශ උන්නැහේ කියන්නෙ නිකමට හෙම නෙවෙයි ඔන්න.
දැන් බලනන ළමයො අපේ ඔය අතීත රජවරැ දැහැමෙන් සෙමෙන් රජකම් කොරන කාලවල ඔය ප්‍රජාතන්ත්රරවාදය කියල එකක් තිවුනද? නැහැ නොවැ. ඔය පර සුද්දො මේ රට අල්ලගෙන බෝධිසත්වයෙක් වගේ හිටිය අපේ රජ පවුලත් රටෙන් පිටුහල් කොරල දාල මේ රට විනාශකොරන්න නොවැ ඔය ප්‍රජාතන්ත්රරවාදය කියල අටමගලක් ඇටෙව්වෙ. යන්තම්අවුරැදු 200 විතර පස්සෙ සිංහල බෞද්ධ රජ පරපුරක් රටේ නැවත ඇතිකොරන්න හදන එකට විරැද්ධව මේ විදේශීය කූමන්ත්රතන කාරයො බොරැවට කෑ ගහනව නොවැ. ( වත්මන් මහරාජෝත්තමයාද සිංහල රාජවංශයෙන් පැ‍වතඑන්නෙකු බව චක්රවවර්තී හිමියන් සොයාගෙන ඇත.අවසන් රජතුමා දකුනේ වීථිසංචාරය කරන අතරතුර බෙලිඅත්තේ රැයක් ගතකර ඇතිවග වැසිකිලි වලක කොටා තිබී චකුවර්ථී හිමියන්ට හමුව ඇත)
එතකොට ඔය යහ පාලනය, මානව අයිතිවාසිකම් වගේ දේවල් ඒ කාලෙ තිබුනද? නැහැ නෙවැ. රටේ ජීවී ,අජීවී හැම දෙයක්ම රජතුමාගෙ තමයි.එතුමට ඕන හැටියට රටේ දේවල් භුක්තිවිඳිනකොට කෑ ගහනව වංචා දූෂන කොරනවයි කියල. ඒ වගේම ජනතාව කියන්නෙ රජතුවාට ඕනහැටියට ජීවත් වෙන්න ඕන පිරිසක්. කසපහර දෙන්න, දඬුක‍ෙඳ් ගහන්න විතරක් නෙවේ හිර අඩස්සියෙ තියන්න,අතුරැදහන් කොරන්න හිස්ගසාදාන්න උනත් රජතුමාට පුළුවන් බව මුන්ට තේරෙන්නෙ නැහැ නොවැ.
ඔය ජනමාධ්යා තමයි මේරටට සුද්දො කල ලොකුම විනාසෙ. අපේ රජකාලෙ ඕවගෙ දේවල් කවදාවත් තිබුනද? නැහැ නොවැ. ඔය අණබෙරයක් කාරිය ගහල රජතුමාගෙ පනිවුඩක් ජනතාවට දැන්නු මිසක් ඔය ඕන ඕන එකාට ඕන ඕන දේවල් ජනතාවට කියන්න පුහ් මොන තරම් විනාසයක්යැ.ඔය කුමන්ත්රනන කාරයොනම් එකෙක්වත් තියන්නම වට්න්නෙ නැහැ රටේ මිනිස්සුනුගෙ හිත් දූෂනය කොරනවට.
අපේ නලින්ද සිල්ව මහාචාර්ය උන්නැහේටනන් මේගැන හොඳට තේරෙනව. ඔය සුද්දන්ගෙ යුදෙව් ක්‍රිස්තියානි චින්තනේ තියෙන එකාලටලු නේ ඔය ප්‍රජාතන්ත්ර වාදය, යහපාලනය වගේ දේශදෝහී දේවල් හිතෙන්නෙ.
හැබැයි අප්පුහාමිනන් කියන්නෙ ඔය ඡන්ද කෙරැවාවත් සම්පූර්නෙන්ම නවත්තල දාන්න ඕන.ඕවත් ඔය සුද්දන්ගෙ කුමන්ත්ර නම තමයි.
අපටනන් ඔය රජතුමාට බැලෙමෙහෙවරක්වත් කොරගෙන් ඉන්ට බැරියැ

1 comment:

  1. සහතික ඇත්ත..අප්පුහාමි මාමෙ. මේ ඡන්ද කෙරුවාවත් නවත්තන්න ඕනි ඕං.

    ReplyDelete