යහපත් සමාජයක් උදෙසාවන අපගේ සිහිනය සමාජ සගයන් සමග බෙදා හදා ගැනීම

Oct 2, 2010

ඇමතිලගෙ නැටුම් කස්තිරම්

පහුගිය ටික දොහේ බ්ලොග් එකට ගොඩ වෙන්න බැරිඋනා නොවැ. කොහේද අපේ ගෙදර උන්දැගෙන් බැහැ නොවැ. මේ වල පයයි ගොඩ පයයි තියාගෙන පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැතුව ඕන නැති කථා කියල මැරෙන්න හදනව කියල දොස් මුරේ. මොනව උනත් කුස්සියෙ අධිපත් උන්දැගෙ නිසා ඒව නාහත් බැහැ නොවැ.

ඊටත්අපේ මුනපුරා පන්ඩිත කථාවගයක් ලියල තිබ්බ නිසා ඔංමටත් හිතුන ආයි මේ පැත්තෙ ගොඩ වෙන්න. අනික මේ රටේ වෙන දේවල්වල හැටියට කට පුක වහගෙන ඉන්න පුලුවනෑ.

මේ දවස්වල අපේ ගෙදර උන්දැ ඉන්නෙ හරි ජොලියෙ නෙව. උන්දැ කියනව හෙට අනිද්ද වෙනකොට ජොන්ස්ටන් උන්නැහේ එලවලු මුදලාලාලාටයි බිත්තර මුදලාලටයි බැටේ දීල බඩු මිළ අඩුකරල දෙයිලු. රාජිත උන්නැහේ මාළු ජාවාරම නැතිකොර දායිලු. මෛත්‍රී උන්නැහේ වැඩදාල සෞඛ්‍යය සේවෙ හදල ගනියිලු. වෙල්ගම උන්නැහේ දගලන හැටියට අහසින්ම
උනත්ප්‍රවාහනය කොරන්න පුලුවන් වෙයිලු. ආ එතකොට මේ බන්දුල උන්නැහේ අධ්‍යාපනේ ටක්කෙටම හදල ගනියිලු. අනේ අම්මප මේ මෝඩ ගෑනු හිතන් ඉන්න හැටි.

හැබැයි ඒ උන්දැලටම දොස් කියල වැඩක් නැහැ තමයි. මේ ඇමටි උන්නැහෙල පෙන්නන නැටුම් කස්තිරම් දකිනකොට මේ ඉහ නිකට පැහිච්ච ‍අප්පුහාමිටත් විචිකිඡ්චාවක් ඇතිවෙනව රටට ජනතාවට මේච්චර සේවයක් කරන්න දගලන උන්නැහේලට අනිවාර්ථේද මේ ඔච්චම් කරන්නෙ කියල.

ඉස්සරඅපේ ගම්මැද්දෙ පොලෝසියට ලොක්කෙක් අලුතෙන් පත්වෙලා ආවන්නැහේ හරියට ඕං ඔය ඇමති උන්නැහේල වගේ තමා. පාරෙ බොක්කු උඩ රස්තියාදු ගහන කොල්ලො කුරැට්ටොන්ට ගහල පන්නනව. ගමේ හොර අරක්කු විකුනන උන්, කසිප්පු විකුනන උන්, හොර හරක් මුදලාලිල, හොරා ගස් කපන උන්,බූරැපිටි කාරයොබුරැතු පිට්න් ඇන්න ගොහින් කූඩු කොරනව. ගමේ උන්දැල හිතන්නෙ හරි හොඳ පොලෝසියෙ මහත්තැන්කෙනෙක් කියල. කට්ටියම සැරෙන්ඩර් කොර ගත්තට පස්සෙ මේ ජාවරං කාරය්න්ගෙන් ලොකු මහත්තැන්ට ගතමනාව එන්න පටන් ගන්නව. ආයිත් පුරැදු විදියට අරක්කු කසිප්පු ජාවරනුයි , හොර හරක්,ගස් කැපීම්, බූරැපිටි ඉස්සරටත් වඩා හොඳින් කෙරීගෙන යනව.

ඕං මේව සහසුද්දෙන්ම දන්න නිසයි කියන්නෙ. ඔය දැන් මාලු අල්ලන උන්නැහේ මීට ඉස්සර උන්නෙ ඔව්ව මේව්වඉදිකොරන තැනක නොවැ. ඡන්දෙ අල්ල පනල්ලෙ මේ උන්නැහේගෙ නිලදරැවෙක් මොකක්ද ප්‍රචාරක පත්තරයක් ගහන්න ඕනෙයි.කියලඉදිකොරන සමාගම් වලින් 25000 ගානෙ එකතු කොර ගත්ත.එතකොට රටේ ඉදිකොරන සමාගම් දාහකටත් වඩා තියෙන නිසා කොහොම ගානක් එකතු කරගන්න ඇද්ද කියල බැලුවනන් ඕං.
ඒ විතරක්නං මදැ. ඔය ඉදිකොරන සංස්ථාවෙන් සමාගමකට දුන්නු වැඩකට වැඩිපුර බිල් කොරල ලක්ස 10 ගෙවල පනිවුඩයක් එව්ව ඒක හවසට ගෙදරට එවන්න කියල. ඔං මේ බොහෝම වැදගත් විධියට හැසිරෙන කාලයක් වමටත් ස්ම්බන්ද වෙලා උන්නු මේ අප්පුහාමි දන්න එක පොඩි සිද්ධියක්. තව අපි නොදන්න මේවගේ දේවල් කොහොම වෙනව ඇද්ද? ඕං.

මං මේ කථාව කිව්වෙ මේ ඇමටිල කියන උන්නැහේලගේ කොරැවාව පෙන්නන්න. ඉතිං චන්දෙට මෙහෙම කොරපු උන් දැන් බුදු වෙලා රටට ජනතාවට කොරන්න හදනව කියල හිතන්න නන් එපා ඕං. හෙට අනිද්දට ඔය ජාවරකාරයින්ගෙන් ගතමනාව හෙට්ටු පාරට්ටු කොර ගත්තට පස්සෙන් පහු ඇමතිල යහතින්සෙමෙන් වැජඹේවි. මුදලාලිල හොඳට තරවේවි. ජනතාවට පටිතදකොරගන්න වේවි ඕං.