ලොකු අප්පුහාමිගේ මුනපුරා විසින් ලියන ලදී.
ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය මේවනවිට සම්මතකරගෙන අවසන්ය. 78 ජේ.ආර්. ඇටවූ ව්‍යවස්ථා අටපට්ටමේ ජනතා පරමාධිපත්‍ය ප්‍රකාශ කිරීමට තිබුනු අවම ඉඩප්‍රස්ථාව වන දෙවාරයේ සීමාව අහෝසි කිරීමත් , රාජ්‍යය සහ විධායකය අතර නාමමාත්‍රික වශයෙන් හෝ සංරචකයක් ගොඩනැංවීමට ගත් අංගවිකල උත්සාහක් වූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය ද වෙනස් කරමින් ඒකාධිපති (ටැබූ සඳහන් කල ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී රාජාංඩුවක්) පාලනයක් 2/3 කටද වඩා වැඩි ඡන්දයෙන් සම්මතකරගැනීම හැකිවීමත් ලාංකීය දේශපාලනය තුල ඉතා වැදගත් අවස්ථාවක් වනවාට සැක නැත.
පුරවැසියකු හැටියට ලැජ්ජාවියයුතුවුවද ඒ ගැන අපට කලහැකි වූ කිසිවක් නැත. එසේම කිසිවකු කිසිවක් නොකිරීම ගැන අප පුදුම විමට හෝ කනගාටුවීමටද අවශ්‍යයද නැත. මන්ද මෙය විය යුතුව තිබූ දෙයක් වන නිසාය. ගසට නැග ගෙඩි කඩා නොගනිමින් බසින මෝඩයා කවුරැද? සාම්ප්‍රදායික විරැද්ධ පක්ෂ හැටියට යූ.එන්.පී හා ජේ.වී.පීය උද්ගෝෂනයක් , උපවාසයක් කළ අතර බාහු හොඳ වොයිස් කට් එකක් දී තම තමන්ගෙ තත්වය බේරාගෙන ඇත්තේය. අපටත් බොලොග් සටහනක් ලියා අපේ ශිෂ්ඨසම්පන්න බව සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කැපවීම පෙන්වා දී වින්දනයක් ලැබිය හැක.
ධනවාදී අර්ථ ක්‍රමය තුල ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනපති ක්‍රමයේ පැවැත්මට අවශ්‍යයවන්නාවූ සාධකයකි .නමුත් එම සම්භව්‍යය අර්ථකථනය තුල ධනවාදය තහවරැවන විට ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් විය යුතුය. නමුත් ලංකාවේ එය විරැද්භාසනයක් වන්නේ ඇයි?
මේ පිලිබදව ඔබට විනෝදයක් අවශ්‍යයනම් රාජපක්ෂ සහෝදර සමාගම උපහාසයට ලක්කල හැක. නැතිනම් ජනතාවගේ මන්දබුද්ධිකභාවය ගැන සිනාසිය හැක. නමුත්ඒ ගැන නමුත් ඒ ගැන විමසා බැලීම ඊටත් වඩා විනෝදජනකවියහැක.
ධනවාදය තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවරැවීමට නම් පරිනත ධනපතිපංතියක් සිටිය යුතු අතරම පංතියක් වශයෙන් ඔවුන් අතර එකඟතාවයක් පැවතිය යුතුය. ලංකාව යුරෝපීයන් යටත්ව සිටි කාලයේ පොදු හතුරකු නිසා පංතියක් හැටියට යම් එකඟබවක් ඇතිවුවද ලංකාවේ ධනපති පංතිය නිෂ්පාදනය හා බද්ධවූ පරිනත පිරිසක් නොවුනු නිසා නිදහසින් පසු සිදුවූයේ මොවුනු අතර පැවති ප්‍රතිවිරෝධතාවන් ඉස්මතු වීමට පටන් ගැනීමයි.
ප්‍රග්ධනයට ජාති,කුල, ආගම් බේද නැත. නමුත් ප්‍රග්ධනය හිමිකර ගැනීමට ඇති තරඟය උග්‍රවන විට ජාති,කුල, ආගම් බේදයන් ඒ සඳහා යොදා ගැනීම වැලැක්විය නොහැකිය. අත්තවශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය නැමති ආකෘතිය ධනවාදයට අවශ්‍යය වන්නේ මෙම බෙදීම් ධනවාදීක්‍රමයේ වර්ධනයට බාධාවක් වීම වැලැක්වීමටයි. ( පොදු ජනතාවට අයිතිවාසිකම් ලැබීම මෙහි අතුරැ ථලයකි)
නමුත් නිදහසින් පසු ලංකාවේ ජාතීන් තමතමන්ගේ අනන්‍යතාවයන් පිලිබඳ එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකි විය. මෙයට බලපෑ ප්‍රධානම හේතුව වූයේ ලාංකීය ජනතාව වශයෙන් සිංහලයන්ගේ ප්‍රමානාත්මක හාවය හා පංතිමය වශයෙන් සිංහලයන්ගේ ප්‍රමානාත්මකභාවය නොසැසඳීමයි.( චෙල්වනායගම් 50% -50% ඉල්ලා සිටියේ ආර්ථිකයේ ඔවුන්තුල පැවති ශක්තිමත්භාවය නිසාය)
78 ජේ. ආර්. ව්‍යවස්ථාව නිර්මානය කරනවිට ඔහු තුල මූලික අභිප්‍රයන් දෙකක් විය.පලමුවැන්න ගෝලීය ප්‍රග්ධනය හා නොබිඳියහැකි සබඳතාවයක් සහිත ආර්ථිකයක් රටතුල නිර්මානය කිරීම හා ඒ සඳහා අවශය්‍ය ස්ථාවර දේශපාලන ක්‍රමයක් ඇතිකිරීමයි. මෙය එම ව්‍යවස්ථාව නිර්මානය වූ අවස්ථාවේ සිටම විද්වතුන් විසින් හඳුනාගෙන සාකඡ්චාකොට විරෝධය පලකළ සුප්‍රසිද්ධ මාතෘකාවකි.
දෙවන අභිප්‍රය ,78 ව්‍යවස්ථාව තුල අන්තර්ගතවූ බොහෝ දෙනෙකු හඳුනානොගත් නොඑසේනම් කථාකිරීමට අකමැතිවූ සාධකයකි.ඉන්දියානු ධනපතිපංතිය හා සම්බන්දතා තිබූ දෙමල ධනපති පංතිය පරදවා සිංහල ධනපති පංතියශක්තිමත් කිරීම උදෙසා ගෝලීය ප්‍රග්ධනය හා සම්බන්ද වීමෙන් ලංකාවේ ආර්ථිකයට ලැබුනු වාසිය මේ සිංහල ව්‍යයාපාරික පංතියට රාජ්‍යය අනුගහයෙන් ලබාදීමට හැකි ව්‍යවස්ථාවක් බිහිකිරීම මෙම දෙවන අභිප්‍රයයි. 83 කලු ජූලිය සපුරාගත් මෙම ජයහග්‍රහකයින්ගේ කාහල නාදය විය.
උතුරේ ජාතිවාදය සහ කොටි සංවිධානයේ ක්‍රියාකාරීත්වය ලාංකීය දෙමල ධනපති පංතිය හා සම්බන්දවසිටි ඉන්දියානු ධනපති පංතියේ ප්‍රථිචාරය විය.
මේ අනුව චම්පික රනවක නැමති ජේ. ආර්. රාජ්‍යය අනුග්‍රහය ඇතිව බිහිකල අංගවිකල සිංහල ධනපති පංතියේ නියෝජිතයා ලංකාව් බිහිවූ නය්‍යාත්මක දේශපාලක්ඥයා හැටියට ජේ. ආර්. හැඳින්වීම අපට තේරැම්ගතහැක. එසේම එම සිංහල ධනපති පංතිය තීරනාත්මක ලෙස දෙමල ධනපති පංතිය පරදවා ලබාගෙන ජයග්‍රහනය කොට බිහිකරගෙන ඇති වර්ථමාන රජය තමන්ව ජනිතකල 78 ව්‍යවස්ථාව වෙනස් කොට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සම්පත් බෙදාහදාගෙන භුක්තිවිදුනු ඇතැයි සිතීමට තරම් අප මෝඩයන් විය යුතුද?
No comments:
Post a Comment