යහපත් සමාජයක් උදෙසාවන අපගේ සිහිනය සමාජ සගයන් සමග බෙදා හදා ගැනීම

Feb 16, 2010

ඔන්න මේ දේශපාලනේ ගැනනන් නෙවේ කොල්ලො

අපේ කොල්ලන්ට දේශපාලනේ වහ කදුරැවගේ වෙලානෙවැ. ඒ ගැන කතාකරන එවුන් ටිකත් පැත්තකට කරල SBU එක පිරිසිදු කොරගෙන තියෙන්නෙ .
එක අතකට ඒකත් ශරීර සෞඛ්‍යයට හොද වෙන්න පුලුවන්. මොකද මහින්ද මහ රජ්ජුරැවොත් දේශපාලනය කථාකරන එවුනු ටික හිරේ විලංගුවටයි, පරලෝකෙටයි යවල මේ සිංහල බෞද්ධ රාජ්‍ය පිරිසිදු ‍කොරන්න මහන්සි ගන්න වෙලාවනේ.

හැබැයි කොලුවො මතක තියාගත්තොත් හොදයි උඹල මේ ලොකෙට බිහිකරනවද නැද්ද කියන තීරනය වෙන්නෙත් දේශපාලනය කියන සාධකය මත කියන එක.(චීනයේ පවුලට එක් දරැවකු යන්න සෘජු දේශපාලන තීන්දුවකි)ඒ දරැව බොන්න ඹ්න ඇන්කර්ද නැ;්නම් ලක්ස්ප්‍රේද කන්නඹ්න ඇමරිකන් පිටිද, සිංහල හාලෙ බත්ද , ඉගෙනගන්න ඹ්න මොනවද,කරන්න ඕන රස්සාව විතරක් නෙවේ ආදරය කරන්න ඕන මොන ගැහැනියටද පිරිමි‍යටද කියල තීරනය කරන්නෙත් දේශපාලනයෙන් කියන එක උඹල දැනගන්න ඹ්න දරැවො.

අනික කොලුවො දෙශපාලනය කියනකොට ඇගේ හිරිගඩු පිපෙන උඹල වගේ එවුන් නිසාම තමයි අද මේ රට මේ වගේ පත්වෙලා තියෙන්නෙ කියල උඹලට නොතේරෙන්නේ උඹල දේශපාලනේ ගැන නොදන්න නිසාම තමයි.එහෙම උනාම ලූලා නැති වවලට කනය පන්ඩිතය වෙන්න වගේ නාමල් කොලුව වගේ අය මේකෙ කරනන් ගහන්න හදන එක ගැනත් අපට පුදුම වෙන්න දේකුත් නෑ.

කොහොම උනත් කොල්ලො හොදට කාල බීල ගෙයක් දොරක් හදාගෙන මේ රටේ හරි පිටරටක හරි ඉදගෙන නිකන් පාලුවට බ්ලොග් එකක් ලියන කියවන අයට දේශපාලනය කියන්නෙ පිහදාල දාන්න ඕන දෙයක් කියල හිතන එකත් අපට නන් දේශපාලනයම තමයි කොල්ලො.

5 comments:

  1. ලොකු අප්පුහාමි මාමෙ, මාමගෙ කටේ මසුරන් දාන්න වටිනවා. අපි ගන්න හුස්ම ටිකටත් දේශපාලනේ බලපෑම තියනවා කියල ගොඩක් දෙනෙක් දන්නෙ නෑ.

    ReplyDelete
  2. හුගක් අය දේශපාලනෙට අකමැති ෆැෂන් එකට වගේ මිසක් එගැන දැනුවත් බාවයකින් නෙවි මේනිසාම තමයි අද දේශපාලුවො රජවෙලා තියෙන්නෙ,
    සමහරුන්ගෙන් ඡන්දය දෙනවද කියල ඇහුවමත් කියන්නෙ හාපොමටනම් ඔය දේශපාලනේ පෙන්නන බැහැනේ කියල එහෙම කියල ඡන්දේ දවසට කාගේ හරි පස්සෙන් ගිහින් පාරෙ ගහල තියෙන පොස්ටරේක ඉන්න එකෙකුට කිසි අවබෝධයක් නැතුව කතිරෙ ගහල එනව, කනගාටුවට කරුනවෙන්න මෙහෙම කරන්නෙ යමක්කමක් කියවල බලල තේරුම් ගන්න පුලුවන් මිනිස්සු
    හරිනම් මෙගොල්ලො කරන්න ඔනෙ සමජයේ වෙන දේවල් ගැන හරි අවබෝධයක් අරගෙන ඒ පිලිබඳව තමන් අසල සිටින අනෙක් අයත් දැනුවත් කිරීම නමුත් හුගක් අය තමන්ගෙන් වෙන්න තියෙන යුතුකමක් පැහැර හැරල පස්සෙ අයෙත් දේශපාලුවොන්ට බැන බැන ඉන්නව . මම හිතන්නෙ මිලින්ම වැරැද්ද කරල තියෙන්නෙ ඡන්දේ දෙන මිනිස්සු මිසක් පත්වෙන මන්ත්‍රීවරු නෙමෙයි ඔවුන්ව පාලනය කරන්න ජනතවට පුලුවන් නමුත් අවාසනාවකට දැනුම් තේරුම් තියෙන මිනිස්සු සමාජයේ ප්‍රශ්නවලට සංවදයක් ගොඩ නැගෙද්දි ඒව මගහැරල තමන් ගේ වැඩැක් බලාගේන ඉන්නව අපි මේක වෙනස් කලයුතුයි සමාජය ඉදිරියට යන්න නම්

    ReplyDelete
  3. හොද ලිපියක්.
    මම ලොකුඅප්පුහාමි මාමා දසයා වගේම මිව් මිව් යන ඔය 3දෙනාම කියන කාරණාව ගැන 10000% එකගයි.

    අපේ අය "අනේ පොලිටික්ස් මටනම් එපාම වෙලා මෙයා" කියන්නේ ගොඩක්ම ඉට්ටැයිල් 1ට. නැතුව පොලිටික්ස් ගැන දන්න කෙහෙල් මලක් ඇතුව නෙමේ. අඩුම ගානේ දෙන්න සුදුසුයි කියලා හිතෙන කෙනෙක් නැත්තම් තමන්ගේ ඡන්දේ කැන්සල් කරලා එන්නේවත් නැතුව ඒක පාවිච්චි නොකරන පොස් මිනිස්සු මම අනන්තවත් දැකලා තියෙනවා. ඒ වගේම ඡන්දේ දාන්නේ නැතුව පණ්ඩිතකමට ඉදලා තමන්ගේ පැත්තට නගර සභා මන්තිරියෙක්වවත් පත්කර නොගෙන පාරේ ලයිට් 1 නැති උනාම රටේ මහ ආණ්ඩුවට බනින උගත් මිනිස්සු සෑහෙන්න දැකලා තියෙනවා. තමන්ගේ මූලික අයිතියවත් හරියට පාවිච්චි නොකර රට හදන්න ලොකු ටෝක්ස් දෙන පුද්ගලයෝ අපේ සමාජයේ අනන්තයි. ගොඩක් වෙලාවාට මේ වගේ අය බලාගෙන ඉන්නේ මේ රට අත ඇරලා වෙන රටක PR හදාගෙන යන්න. එක අතකට එහෙම යන 1ත් හොදයි.

    අප්පුහාමි මාමා කියන්නත් වගේ හොද ඔලු තියෙන මිනිස්සු දේසපාලනේ නොකරන කොට ඒ වෙනුවට ගොම රිටි උඩ එන 1 නවතින්නේ නැතිවග අපේ රටේ ඉන්න උගත් කියන මෝඩ රැළ තේරුම් ගන්නේ කවදාද?

    අපිට සුබ අනාගතයක් උදාකරගන්න පුලුවන් අපිටමයි.

    අනේ මාමේ මේ වර්ඩ් වෙරිපිකේසමත් අයින් කොරානම්. මේකේ කොමෙන්ට් දාන්නේ මේ අපි අපිම තමා.

    ජය වේවා...

    ReplyDelete
  4. lokkage kathawa 100%k aththa. giya para palath saba chandedi duminda silvege athi apayojanaya una kellage iskole kello panagena gihin uta chande dunna. e kellage wayase duwala inna ammalath dunna.

    ReplyDelete