යහපත් සමාජයක් උදෙසාවන අපගේ සිහිනය සමාජ සගයන් සමග බෙදා හදා ගැනීම

Feb 18, 2010

ජනරාල් උන්නැහේගෙ කෙරැවාවයි ට්‍රපික් රාලහාමිගෙ කෙරැවාවයි

අර ජනරාල් ලොක්කගෙයි එයැයිගෙ බෑනයි කොරයි කියන වංචා දූෂන මගෝඩි වැඩ ගැන අහනකොට මේ වල පයයිඩ පයයි ඉන්න අප්පුහාමිගෙත් ඇ‍ි කො ෙඟ්ත් හිරිගඩු පිපෙනව අම්මප.බලන් යනකොට අපේ රටේ ජනතාව මොන තරන් අමාරැවකටයැ වැටෙන්න ගියේ. අපේ මුනපුරානම් කියන්නෙ ප්රපභාකරන් කියන නැඩය හරිම අහිංසකයෙක්ලු, ජනරාල් උන්නැහේ එක්ක බලනකොට.
හැබෑටම අපේ මහරාජෝත්තමයයි උන්නැහේගෙ වරිගෙ අයයි මේ ගැන හාංකවිසයක්වත් දැනගෙන ඉඳල නැහැ නොවැ ජනරාල්උන්නැහේ මේ ජන්දෙට ඉදිරිපත් වෙනකම්ම. එකට කාල බීල ඉන්නකම්ම මේ උත්තමයො හිතන් ඉඳල තියෙන්නෙම ජනරාල් උන්නැහේ ලෝකෙ හොඳම යුධ සෙන්පතියාය, වංචා දූෂන නැති සුද්ධවන්තයෙක්ය කියල නොවැ. ඒ උනාට අපේ මුනපුරානම් කියන්නෙ උන් එක්ක එකට මඩනාගෙන ඉන්න බැරිය කියල එලියට බැහැපු එකාගෙ ඇගේ ඔච්චර මඩ තියෙනවනන් මඩේ ඉන්න එකාලගෙ ඇගේ කොච්චර මඩ ඇද්ද කියලයි. ඔවිව ඉතිං ඔය කොල්ලො ‍කොලු කමට කියන කථා නොවැ.
හැබැයි අර වංචා දූෂන කොමිසමද මොකද්ද අට මගලෙට අට්ටි ගනන් පැමිනිලි ලැබිල තිබිලත් නිලධාරියෙක්වත් පත් නොකරන අංඩුව මේ හදිස්සියෙ ජනරාල්ගෙ වංචා දූෂන ගැන විතරක් හොයන්න තියාගත්තෙ මොකද කියල කවුරැවත් වැරදියට හිතන්න එපා ඔන්න.
අපේ මුනපුරා එක්ක තරහ ට්‍රපික් රාලහාමි කෙනෙක් ඉන්නව ගමේ. මුනපුරා බයිසිකලෙන් කොහේ හරි යනව දැක්කොත් නවත්තනවලු. ලයිසන් ඉන්ෂුවරන්ස් තිබුනොත් එහෙම කියනවලු හෙල්මටි නැහැයි කියල. හෙල්මට් දාගෙන ගියොත් කියනවලු සිග්නල් ලයිට් වැඩකොරන්නෙ නෑ කියල. එෟකත් හදාගෙන ගියාම කියනවලු ටයර්වල කට්ට ගෙවිල කියල. ටයරැත් දාගෙන ගියාම අල්ල ගන්නවලු වැරදි තැනින් හැරෙව්ව තියල.හරිතැනින් හැරෙව්වහම අල්ලගන්නවලු වැරදියට ඉස්සර කරා කියල. අපේ මුනපුරා කියන්නෙ මේ යකත් එක්ක නීතියෙන්නම් මේක බේර ගන්න බැරිලු. වෙන ‍වෙනමාක්ක් හරි මාර්ගයකින් මිසක්.
ඌ කියන කථාවත් ඇත්ත.බලය තියෙන උන්ට තමන්ගෙ විරැද්ද වාදීන්ට අඩන්තේට්ටන් කොරන්න මේ රටේ ඕන තරන් නීති තියෙනව නොවැ.අර පාදඩ ආඥා පනතද මොක්ද්ද එක අනුව බවලතෙක් යට ඇඳුමක් ඇඳගෙන හිටියෙ නැහැ කියල උනත් අලලල අච්චු කොරන්න පුලුවනෑ කියන්නෙ.අපි ඉතින් කොචිචර අවවාද අනුසාසනා දුන්නත් ඔය කොල්ලගෙ ඉවසීම පැන්න දවසක හැංගිලා ඉඳල ට්‍රපික් රාලහාමිට පොලුපාරක් පතබායිද කියලයි මට තියෙන බය. මේ කොල්ලන්ටත් ඉවසීමක් නැහැ නොවැ.

3 comments:

  1. තිත්ත ඇත්තක් ඉතාමත් රසවත් ව ලියලා තිබෙනවා. තිත්ත වුනත් කරවිල රස කෑමක් හොඳට හැදුවොත්. ඔබට හැමදාමත් රසවත් කරවිල ව්‍යාංජන ලිවීමට (ඉවීමට නොවේ) හැකි වේවා යි!!!!!!!!! ප්‍රාර්ථනා කරනවා.

    (followers add කරන්න.word verifications remove කරන්න)

    ReplyDelete
  2. හික් මොනව උනත් ලස්සනට ලියල තියෙනව. පොඩ්ඩක් post එක Publish කරන්න කලින් නැවත බලන්න. වැරදි කීපයක් තියේ.. ඒවත් හැදුව නම් කියවන්න ලේසී.. ජය..

    ReplyDelete
  3. පාදඩ වැඩ කරන ජෙනරල් ලොක්කට දෙන්න ඕනෙ පාදඩ නීතියකින්ම තමයි.

    අනික නිර්නාමික පිළිතුරු බ්ලොක් කොරගෙන ඉන්නේ බයෙන් කැවුත්ත හෙල්ලෙන්න අරන් නිසාවත්ද?

    ReplyDelete